Do They Know It’s Christmas? අලුත් මුහුණුවරකින්?

සටහන – පුන්සරා ලියනගේ
නොවැම්බර් 13,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
: Sir Paul McCartney, Harry Styles, George Michael, Chris Martin, Ed Sheeran, Thom Yorke සහ Phil Collins යන අයවලුන්ගේ හඬ මිශ්‍රිත Band Aid හි එන 40 වැනි සංවත්සරය වෙනුවෙන් කරන අලුත් වැඩක් පිළිබඳව වාර්තා වෙයි.

1984 දී Bob Geldof විසින් නිර්මාණය කරන ලද “Do They Know It’s Christmas?” ගීතයේ පළමු අනුවාදයේ සිට එහි වසර 40 ක් සනිටුහන් කිරීම සඳහා, 2004 සහ 2014 විකාශනයන් සමඟ මුල් පිටපතේ කටහඬ ඇතුළත් කරමින් සියලුම ගායකයන්ගේ අනුවාදයක් සැකසීමට මෙහිදී යෝජනා වී තිබේ.

එහි ආදායම අප්‍රිකාව පුරා සෞඛ්‍ය සහ දරිද්‍රතාවයට එරෙහි මුලපිරීම් සඳහා සහාය වන Band Aid Charitable Trust වෙත ලැබීමට ද කටයුතු සූදානම් කර තිබේ.

ගීතයේ නව අනුවාදයට දායක වන්නන් අතර Robbie Williams, Sheeran, Guy Garvey, One Direction, Simon Le Bon, Boy George, Sting, Chris Martin, Seal සහ අප අතරින් නික්ම ගිය George Michael සහ Sinead O’Connor ද ඇතුළත් වේ.

මුල් සහ 2004 අනුවාද වලින් සම්පාදනය කරන ලද පසුබිම් සංගීත කණ්ඩායම, McCartney සහ Duran Duranහි John Taylor බේස් වාදනයෙන්, Radioheadහි Thom Yorke පියානෝ වාදනයෙන්, Phil Collins ඩ්‍රම්ස් වාදනයෙන්, සහ The Darknessහි Justin සහ Dan Hawkins ගිටාර් වාදනයෙන් ද මීට දායක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...