Westminster Abbey නත්තලින් වර්ණවත් කරන කේට් කුමරිය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දෙසැම්බර් 6 වන දින වේල්ස‍යේ කුමරිය හෙවත් කේට් කුමරිය සිය වාර්ෂික නත්තල් කැරොල් ප්‍රසංගය පවත්වනු ලබන බව කෙන්සිංටන් මාලිගය නිවේදනය කර ඇති බව වාර්තා වේ.

එය වෙස්ට්මිනිස්ටර් ඇබේ හි ඇයගේ සිව්වන කැරොල් ප්‍රසංගය වනු ඇත.

ප්‍රසංගය නත්තල් සැඳෑවේ එක්සත් රාජධානියේ විකාශනය වනු ඇති බව, විදෙස් වාර්තා සඳහන් කරයි.

කේට් කුමරිය 2021 වසරේ දී මෙම උත්සව සම්ප්‍රදාය ආරම්භ කළේ, වසංගතයේ බලපෑම හඳුනාගනිමින් ස්කොට්ලන්ත ගීත රචක ටොම් වෝකර් සමඟ “මෙතැනට සහභාගී විය නොහැකි අය සඳහා” මැයෙන්, පියානෝ වාදනයක් ද සමඟ බ්‍රිතාන්‍ය රූපවාහිනී නරඹන්නන් මවිතයට පත්කරමින් වීම විෂේශත්වයකි.

කුමරුගේ සහ කුමරියගේ රාජකීය පදනමේ පුණ්‍යායතනයට සම්බන්ධ මෙම වසරේ ප්‍රසංගය “අන් අයට ආදරය, කරුණාව සහ සංවේදනය පෙන්වන” ප්‍රසංගයක් වනු ඇති බව කෙන්සිංටන් මාලිගය ප්‍රකාශ කරයි.

ඒ අනුව මේ සඳහා නම් කරන ලද පුද්ගලයින් 1,600 ක් පමණ රාජකීය පවුලේ සාමාජිකයින් සහ අනෙකුත් ප්‍රසිද්ධ පුද්ගලයින් සමඟ වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත රැස්වනු ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...