අද (15) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ

සටහන – රුවන් නෙළුගොල්ල

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

අද (නොවැම්බර් 15) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක ප්‍රමාදයෙන් පසු රොනාල්ඩෝගේ ජයග්‍රාහී දස්කම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : සෞදි අරාබියේ රියාද්...

ට්‍රම්ප් සහ නෙතන්යාහු අතර වෙනස් වන සබඳතාව: 2026 ඊශ්‍රායල මැතිවරණය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ඓතිහාසික මිත්‍රත්වයක...

නාමල්ට අදත් ඇප නෑ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන...

නයි මුගටි ඔක්කොම දැන් එක කොටේ උඩ ගහගන්නවා -නියෝජ්‍ය ඇමති වටගල

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ජාතික ජන බලවේගය ලෙස මැතිවරණ වේදිකාවේ...