ඖෂධ හිඟයට විරෝධය පාමින් ළමා රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය අද පාරට බහී !

ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය නිසා දරුවන්ගේ ජීවිත අවදානමට ලක්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලය අද (18) විරෝධතාවක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව දරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් අද දහවල් 12.00 සිට 02.00 දක්වා එම රෝහල ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වීමට නියමිත අතර ඊට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු එම රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයම එක්වන බව සඳහන්.

RN