කිතුනුවන් ට්‍රම්ප් දෙවියන් විසින් අභිෂේකලත් ගැලවුම්කරුවා වශයෙන් විශ්වාස කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සිය මැතිවරණ වේදිකාවේ තීරණාත්මක තේමාවක් වශයෙන් “දෙවියන් වහන්සේ මගේ ජීවිතය යම් හේතුවක් නිසා ඉතිරි කළ බව බොහෝ අය මට පවසා ඇත. එයට හේතුව වූයේ අපේ රට බේරාගෙන ඇමරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමයි.” බව ප්‍රකාශ කරමින් සිය ජනාධිපති මාවත හෙළිදරවු කරගනු ලැබූ ට්‍රම්ප් බොහෝ කිතුනුවන් සලකන්නේ සිය ගැලවුම්කරුවකු වශයෙනි.

ජූලි 13 වන දින පෙන්සිල්වේනියාවේ බට්ලර්හිදී ඔහුගේ ජීවිතය විනාශ කිරීමට නොහැකිවීම හාස්කමක් වශයෙන් ඔවුන් විස්තර කරන අතර ඇමරිකාවේ සුප්‍රසිද්ධ එවැන්ජලිස්තවරයෙකු වන පූජ්‍ය ෆ්‍රෑන්ක්ලින් ග්‍රැහැම් ට්‍රම්ප් ඇදහිලිවන්තයන්ගෙන් කෙනෙකු වන අතැර ඔහු ට්‍රම්ප් හඳුන්වන්නේ තේරී පත් වූ ජනාධිපතිවරයා දෙවියන් වහන්සේ විසින් මෙම මෙහෙයුම සඳහා තෝරාගෙන ඇති බවට සැකයක් නොමැති බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔහුගේ කන හරහා ගිය වෙඩි උණ්ඩයෙන් ඔහුගේ මොළය මිලිමීටරයකින් මග හැරී ඇති අතර, තුවක්කුව පත්තු වූ අවසන් තත්පරයේදී ඔහුගේ හිස හැරී යාම දෙවියන් වහන්සේ ඔහුගේ හිස හරවා ඔහුගේ ජීවිතය බේරාගත් බව තමා විශ්වාස කරන බවයි.

මේ අනුව, මෙවර මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුදු එවැන්ජලිස්ත රෙපරමාදු ඡන්දදායකයින් හැරිස්ට වඩා 72% ක් හා සුදු කතෝලික ඡන්දදායකයින් 55%ක් ට්‍රම්ප්ට සිය සහයෝගය දක්වා තිබේ.

1990 ගණන්වල මුල් භාගයේදී, එක්සත් ජනපදයේ වැඩිහිටියන්ගෙන් 90% ක් පමණ කිතුනුවන් ලෙස හඳුනාගෙන ඇති අතර එය මෙම දශකයේ මුල් භාගයේ 64% දක්වා පහත වැටී ඇත.

සිය මැතිවරණ වේදිකාවල ට්‍රම්ප් දිගින් දිගටම සඳහන් කර තිබුණේ, ‘ඔබ පිරිහෙමින් සිටින බව මම දන්නා බවත්, ඔබේ සංඛ්‍යාව අඩුවෙමින් පවතින බව මම දන්නා බවත්, ඔබේ දරුවන් සහ මුණුබුරන් තවදුරටත් ඔබේ පල්ලිවලට සම්බන්ධ නැති නමුත්, ඔබ මාව තෝරා ගන්නේ නම්, තමා ක්‍රිස්තියානි පල්ලිවලට බලය නැවත ලබා දෙන්නට සුදානම් බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...