අපට වෙච්චි දෙයින් පාඩම් ඉගෙන ගන්න – නාමල් ආණ්ඩුවට කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට අසීමිත බලයක් ලැබුණු හැම ආණ්ඩුවක්ම කෙටි කාලයක් තුළ ඇද වැටුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපට නම් ඔවැනි බලයක් ලැබුණා, අපි තුන් දෙනෙක්ට වැටුණා. අපට වෙච්චි කාරණාවලිනුත් පාඩම් ඉගෙන ගෙන, මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙච්චි දෙයිනුත් පාඩම් ඉගෙන ගෙන, 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට වෙච්චි දෙයිනුත් පාඩම් ඉගෙන ගන්න. මොකද මේ හැම තුනෙන් දෙකේ ආණ්ඩුවක්ම වැටුණා. මේ අසීමිත බලයක් ලැබිච්ච හැම ආණ්ඩුවක්ම කෙටි කාලයකින් වැටිලා තියෙනවා. ඉතින් මෙතුමන්ලා ඒ සියලු දේවලින් පාඩම් ඉගෙන ගෙන රටේ දේශපාලන ස්ථාවරභාවය වෙනුවෙන් කටයුතු කරයි කියලා මම හිතනවා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 18) මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...