ආනන්දගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති ධුරය සුනිල්ට ?

0
2788

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සුනිල් වටගල මහතාව පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එහි කැබිනට් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන්නේ ආනන්ද විජේපාල මහතා ය.

සුනිල් වටගල මහතා දීර්ඝ කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් නීතිමය කටයුතුවල නිරත වූ නීතීඥවරයකු වන අතර කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු ලෙසත් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසත් කටයුතු කර ඇති අයෙකි.