විරෝධතාකරුවන් ගල් ගහපු නිසා වෙඩිතිබ්බා – පොලිසිය

Date:

රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පිළිගෙන තිබේ.

දුම්රිය මාර්ගය අවහිර කරගෙන සිටි විරෝධතාකරුවන් ඉන්ධන බවුසරයකට සහ ත්‍රීරෝද රථයකට ගිනි තැබීමට උත්සාහ කළ බවට චෝදනා කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත පවසා පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ විරෝධතාකරුවන් පොලිසියට ගල්මුල් වලින් පහරදීම ආරම්භ කළ නිසා වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සිදුවූ බවකි.

මෙම වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ඔවුන් අතරින් තිදෙනෙකුගේ තත්වය බරපතළ බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...