නවසීලන්තයට එරෙහිවත් තරගාවලි ජයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 20,(LNW) කොළඹ :

ශ්‍රී ලංකාව මෑත කාලීනව දක්වන ක්‍රිකට් දක්ෂතා අතරට නවසීලන්තයට එරෙහිවත් 2-0 ක එක්දින තරගාවලි ජයක් සටහන් කර ගන්නට ඊයේ පල්ලෙකැලේදී සමත් වුණා.නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති තෙවන එක්දින තරගය තීරණයක් නැතුව නිමා වුණත් පෙර පැවති තරග දෙකම ජයගෙන සිටි නිසා ශ්‍රී ලංකාවට මෙම තරගාවලි ජය හිමි වුණා.


ඊයේ පළමු තරග දෙකට ඇතුළත් නොවුණු නිශාන් මධුශ්ක,නුවනිදු ප්‍රනාන්දු,චමිදු වික්‍රමසිංහ මෙන්ම මොහොමඩ් සිරාස් ද කැඳවා තිබුණා.වර්ෂාව ඇති කළ බාධාව නිසා මෙහිදී නුවනිදුට සහ නිශාන් මධුශ්කට සිය දක්ෂතා දැක්වීමට පිත්තෙන් අවස්ථාව හිමි වුණේ නැහැ.එහෙත් වර්ෂාව පැමිණෙන තෙක් තරගයේ දී නවසීලන්තය පන්දු ඕවර් 21 ක් නිමාවේ කඩුල්ලක් දැවී ලකුණු 112 ක් ලබා සිටි අතර ඒ කාලය තුළ සිරාස්ට සහ චමිදුට පන්දු යැවීමට අවස්ථාව උදා වුණා.


ඒ අතරින් සිරාස් සිය පළමු පන්දු ඕවරය නිලකුණු ඕවරයක් ලෙස සළකුණු කරමින් පන්දු ඕවර් 5 ක් යවමින් නවසීලන්ත කණ්ඩායමේ දැවී ගිය එකම කඩුල්ල දවා ගන්නට සමත් වුණා.විල් යන්ග් නවසීලන්තය වෙනුවෙන් පන්දු 68 ට මුහුණ දී ලකුණු 56 ක් නොදැවී ලබා සිටි අතර යන්ග්ට අනගි සහයක් වෙමින් දෙවන කඩුල්ල වෙනුවෙන් නොබිදි ලකුණු 88 ක සබඳතාවයක් තබමින් හෙන්රි නිකොලස් නොදැවි ලකුණු 46 ක් ලබා ගෙන සිටියා.


පළමු තරග දෙකේදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රාහී ඉණිම් දෙකක් සටහන් කරමින් තරගයේ වීරයා වූ කුසල් මෙණ්ඩිස් අවිවාදිතව තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණා.වර්ෂාවට සේදුණු තෙවන තරගයේ තරගය පැවති කාලයට අදාළ වූ ලකුණු පූවරුව පහතින් දැක්වෙනවා.
https://es.pn/4fFBWgI

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...

Tasty Tuesdays: අපේ තාලෙට හැදුණු වන්-පොට් බිරියානි! One-Pot Biryani – A Comforting Feast in a Single Pot

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

අම්බලන්ගොඩ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු...