හිටපු ඇමති හරීන් අත්අඩංගුවට !

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නොවැම්බර් 11 වනදා බදුල්ල නගරයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටින අතරේ පොලීසිය සමග ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (නොවැම්බර් 20) උදෑසන බදුල්ල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස ලැබුණු කැඳවීමක් අනුව එහි ගිය අවස්ථාවේදී මෙසේ හරීන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

හරීන් ප්‍රනාන්දු සහ ඔහුගේ ආධාරකරුවන් රැසක් අංක 10 මුද්‍රිත ටී ෂර්ට් ඇඳගෙන බදුල්ල නගරයේ ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටි අතරේ පොලීසිය මැදිහත් වීමත් සමග හරීන් ප්‍රනාන්දු ටී ෂර්ට් එක ගළවා ආවේගශීලී ලෙස හැසිරෙන ආකාරය පසුගිය 11 වනදා මාධ්‍ය වාර්තා කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...