හිටපු ඇමති හරීන් අත්අඩංගුවට !

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නොවැම්බර් 11 වනදා බදුල්ල නගරයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටින අතරේ පොලීසිය සමග ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (නොවැම්බර් 20) උදෑසන බදුල්ල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස ලැබුණු කැඳවීමක් අනුව එහි ගිය අවස්ථාවේදී මෙසේ හරීන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

හරීන් ප්‍රනාන්දු සහ ඔහුගේ ආධාරකරුවන් රැසක් අංක 10 මුද්‍රිත ටී ෂර්ට් ඇඳගෙන බදුල්ල නගරයේ ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටි අතරේ පොලීසිය මැදිහත් වීමත් සමග හරීන් ප්‍රනාන්දු ටී ෂර්ට් එක ගළවා ආවේගශීලී ලෙස හැසිරෙන ආකාරය පසුගිය 11 වනදා මාධ්‍ය වාර්තා කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...