සහල් ආනයනය කිරීමට රජය තීරණය කරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රටේ පවතින කෙටිකාලීන සහල් හිඟයට පිළියමක් වශයෙන් සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය කරන බවයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ.

“දෙසැම්බර් මස 15වනදාට පෙර අපි වෙළෙඳපොළට සහල් ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. ස්වර්ණ නාඩු තමයි අපේ රටේ පරිභෝජනයට ගැලපෙන නාඩු වර්ගය. මේ නාඩු වර්ගය තමයි අපි ගෙන්වන්න තීරණය කරලා තියෙන්නේ”

වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ අද (නොවැම්බර් 20) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...