කර්මාන්ත සැළසුම් අධ්‍යක්ෂට ක්‍රීඩා ලේකම් පුටුව

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 20,(LNW) කොළඹ :

කර්මාන්ත අමාත්‍යාංශයේ සැළසුම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ අරුණ බංඩාර තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් කර ඇත.ඔහු සිය ධූරයේ වැඩ භාරගැනීම අද (20) දින එම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.

ආණමඩුව මධ්‍ය මහා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ අරුණ බණ්ඩාර මහතා කැළණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබද (විශේෂ) ශ්‍රාස්ත්‍රවේදී උපාධියත්, එක්සත් රාජධානියේ වේල්ස් විශ්ව විද්‍යාලයේ සංවර්ධන ප්‍රතිපත්ති සහ සැලසුම් පිළිබඳ ආර්ථික, සමාජ අධ්‍යයන, සංවර්ධන අධ්‍යනය පිළිබද පශ්චාත් උපාධියක් ද හිමිකරගෙන ඇත.

රාජ්‍ය සේවය සඳහා 1994 දී එක්වූ අරුණ බණ්ඩාර අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන ගණනාවක නියෝජ්‍ය අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ තනතුරු දරමින් දේශීය හා විදේශීය විශේෂ පුහුණු පාඨමාලා රැසක් හදාරා ඇත.

ක්‍රම සම්පාදන සේවාවේ විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙකු ලෙස වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා නව රජයේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ලෙස ඊයේ (19) දින ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පත්වීම් ලැබීය.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...