සොනාල් දිනූෂ ආයෙමත් බේරුම්කරුගේ භූමිකාවට

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 21,(LNW) කොළඹ :

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පකිස්තාන සංචාරයේ දෙවන සිව්දින තරගයේ තෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 157 ක් ලබා සිටිනවා.ප්‍රථම ඉණිමේ ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 310 වෙනුවට පකිස්තාන ඒ කණ්ඩායම් ඉණිම ලකුණු 287 ට සීමා වුණා.එහිදී ශෂාද් කුරාම් පන්දුවට පහරදීමට නොපැමිණි අතර ඔවුන් ක්‍රීඩා කළේ පිතිකරුවන් 10 දෙනෙකුගේ දායකත්වයෙන්.


දෙවන ඉණිමට පන්දුවට පහර දීමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් සිව් දෙනෙකුම ලකුණු 46 ට දැවී තරගය පකිස්තානය දෙසට හැරෙද්දී යළිත් මේ සංචාරයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය වෙනුවෙන් වෙහෙසෙන පිත්ත බවට පත් වී තිබෙන සොනාල් දිනූෂ,පවන් රත්නායක සමඟ ක්‍රියාත්මක වුණා.ඔවුන් දෙදෙනාගේ පස්වන කඩුල්ලේ සබඳතාවය මේ වන විට නොබිදි ලකුණු 109 ක් වෙනවා.සොනාල් මෙන්ම පවන් ද ආසන්න වසර දෙකක කොළඹ මහානාමයෙන් බිහි වූ ක්‍රීඩකයින් වන අතර,පාසල් කාලයේ සිටම එක්ව ක්‍රීඩා කර ඇති අවබෝධයද මේ සබඳතාවයට හේතු වන්නට ඇත.පවන් නොදැවී ලකුණු 64 ක් ද,සොනාල් නොදැවී 51 ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.


පකිස්තානය ලකුණු 287 ට සීමා කිරීමේදී කැපී පෙණුන පන්දු යැවීම සිඳු කළේ වනුජ සහන් වන අතර ඔහු ලකුණු 74 ට කඩුලු 5 ක් දවා ගත්තා.මේ තරග සංචාරයේ සොනාල්ගෙන් පසුව තුන් ඉරියව්වෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දක්වමින් සිටින වනුජ මේ තරගයේ දි ද ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත් ලකුණු 63 ක් ලබා ගන්නට සමත් වුණා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!