කුල්ල කුජීත වුණු විජයදාස රාජපක්ෂ දේශපාලනයෙන් සමුගනී!

Date:

කොළඹ LNW:තමන් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව තමන් ඉදිරියේ කිසිම මැතිවරණයකට ඉදිරිපත් නොවන බවයි ඔහු සඳහන් කළේ.

ඊයේ (20) ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ සිටි අවස්ථාවේදීයි රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත මේ බව පවසා තිබුණේ.

ඒ අනුව නැවත පාර්ලිමේන්තු පැමිණීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇත.

පසුගිය ජනාධිපතිවරණයට ඔහු ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් විය.

පසුගිය ජනාධිපතිවරණය වන විට ජනතාවට තෝරාගත හැකි විකල්පයක් නොවුණු නිසා ඉතිහාසයේ ප්‍රථම වතාවට වැඩිම අසන සංඛ්‍යාවක් තනි දේශපාලන පක්ෂයකට ලබා දී ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් පවතින බවයි රාජපක්ෂ මහතා පැවසුවේ.

ඒ අනුව ඉතිහාසයේ වෙනත් ආණ්ඩුවකට පැවරුණේ නැති තරමේ වගකීමක් ඔවුන් වෙත පැවරී ඇති බවද ඔහු මාධ්‍ය හමුවේ කියාසිටියේය.

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේ 225ම හොරු වංචාකරුවන් ලෙස දැක්වීමට මාධ්‍යයත් සමඟින් මෙහෙයුමක ක්‍රියාත්මක වූ අතර නැවත එවැනි අවලාද මැද දේශපාලන කිරීමේ අවශ්‍යතාවක් නැති බවද ඔහු පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔලිම්පික් කෙරිල්ල සහ ලොස් ඇන්ජලීස් ජනතාවගේ වැටිල්ල පෙන්වා දෙන සංවිධාන පාරට බසියි

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ලොස් ඇන්ජලීස් නුවර ඔලිම්පික් උළෙලට...

හිමිකම් අහෝසි කිරීමේ පනතට එරෙහිව පෙත්සම් විභාගය ඇරඹේ!

කොළඹ LNW:විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින්...

මනුෂ්‍ය ඝාතනයකට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: වැල්ලම්පිටිය සහ ගණේමුල්ල පොලිස්...

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත...