අපි අපේ අවංකභාවය ඔප්පු කරනවා – නාමල්

Date:

කොළඹ LNW:මේ වන විට බලය ලබාගෙන සිටින පිරිස විසින් පසුගිය කාලය තුළ සිය පාර්ශවය වෙත එල්ල කරන ලද විවේචන ඔප්පු කිරීමට අවස්ථාව පැමිණ තිබෙන අතර එය ඉටුකරන තුරු බලාසිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (21) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඔවුන් කළ විවේචන සාර්ථක වූ අතර ජනතාව ඒවා පිළිගෙන තිබෙන බවත් එම විවේචන සත්‍යද අසත්‍යද යන්න ඔප්පු කරන තෙක් ජනතාවත් බලාසිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එමෙන්ම එම විවේචන බොරු බවට වන තමන්ගේ පාර්ශවය පැත්තෙන් සිය අවංකභාවය ඔප්පු කරන බවද නාමල් රාජපක්ෂ මහතා කියාසිටියේය.

”ජනතාව නොයෙක් කාල පරිච්ජේදවල නොයෙක් තීන්දු ගන්නවා. අපි ඒකට හිස නමන්න ඕනේ. අපි පක්ෂයක් විදිහට ප්‍රතිසංධානය වෙනවා. ඒ ඔක්කොටම හරියන්න මාත් එක්ක තව දෙන්නෙක් ඉන්නවා.” ලෙසද ඔහු තවදුරටත් පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...