පිල්ලෙයාන් අදත් CID එයි!

Date:

කොළඹ LNW: හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (22) දිනයේත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශය කළ ආන්දෝලනාත්මක වැඩසටහනේ සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඔහු එලෙස පැමිණ ඇත්තේ.

පසුගිය (20) දිනයේත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටි අතර ඔහු එහිදී ඉල්ලා තිබුණේ දෙමළ භාෂාවෙත් සිය ප්‍රකාශය ලබාදීමට අවශ්‍ය බවයි.

ඒ අනුව ඊට අදාළ භාෂා පරිවර්තන කටයුතු සූදානම් කිරීමෙන් පසු අද දිනයේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යළි කැඳවා තිබේ.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය ගැන චැනල් 4 නාලිකාවේ විකාශය වූ වාර්තා වැඩසටහන ගැන මහජන ආරක්ෂක ආමාත්‍යාංශය වෙත ලැබී තිබුණු පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම විමර්ශනය අරඹා ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ආණ්ඩුවේ ඇමතිවරු කිසිවෙක් අල්ලස් කොමිසමට ගෙන්වලා නෑ. පැමිණිලිකරු තමයි ගෙන්වලා තියෙන්නේ – ටිල්වින්

වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා තම පක්ෂයේ ඇමතිවරුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (31) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 31) දිනයේදී උතුර, නැගෙනහිර,...

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...