නවක මන්ත්‍රී වෛද්‍ය අර්චුනාගේ ෆේස්බුක් ලයිව් ප්‍රකාශයක් ගැන CIDයට පැමිණිල්ලක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව නීතීඥවරුන් පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන් පෙරේදා (නොවැම්බර් 21) දිනයේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ සිට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සජීවීව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

“එතුමාගෙ ෆේස්බුක් ලයිව් එක පටන් ගන්නේ එතුමා රාමනාදන් අර්චුනා තමිල් ඊළමේ සිට කියලා. එතුමාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවාම එතුමා කවර් ෆොටෝ එක විදියට දාලා තියෙන්නෙ නියඟලා මල. අපි දන්නවා නියඟලා මල කියන්නෙ තමිල් ඊළමේ නිල පුෂ්පය විදියට සලකපු ලාංඡනය. ඉතින් එතුමා ව්‍යංගයෙන් දෙමළ ජනතාව අතර පණිවිඩයක් දෙනවා මේ රට බෙදන තව ව්‍යාපාරයක නායකයෙක් වගේ. මෙතුමාගේ මේ තමිල් ඊළමේ සිට කියන ප්‍රකාශය හරහා එතුමා දේශද්‍රෝහී අපරාධය සිදුකරන බවට තමයි අපි පැමිණිලි කරන්නේ. දණ්ඩ නීති සංග්‍රහයේ දේශද්‍රෝහී කියන අපරාධයට නියම කරලා තියෙන දඬුවම තමයි මරණ දඬුවම. ඒක ඒ තරම් බරපතළ අපරාධයක්” යැයි පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීතීඥ යලිත් විජේසුන්දර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු පැමිණි පළමු දිනයේදීම සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්වූයේ විපක්ෂ නායකවරයාට වෙන් කළ ආසනයේ හිඳගෙන, වෙනත් ආසනයකට යන ලෙස පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය කළ ඉල්ලීම් නිග්‍රහශීලීව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය නිෂ්පාදකයින් රැකගන්න පාර්සල් රේගු බදු වෙනස් කළා. වැඩේ ගාණට යනවා – ඇමති චතුරංග

ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදකයින්ට දැවැන්ත තර්ජනයක් වී පැවති තනි...

Starlink : රනිල් මස්ක්ට ස්තූති කරයි. ඉක්මනින් නැවත හමුවීමටත් බලාපොරොත්තුවෙන්

Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සඳහා ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශය ලබාදීම...

කහවත්තේ OIC යාපනයට මාරු කරයි

කහවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාසයට මාරුකර තිබේ. ඒ,...

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...