කණිෂ්ඨ බැඩ්මින්ටන් සෙබස්තියන් – මියුසියස් සූරයෝ සහ සූරියෝ වෙති

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 23(LNW) කොළඹ :

මෙවර 52 වන වරටත් පැවති ජාතික කණිෂ්ඨ බැඩ්මින්ටන් සූරතාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සහ සමාප්ත සමාචාර උත්සවය කොළඹ ශාන්ත ජෝෂ්ප විද්‍යාලයේ දී පැවත්වුණා. එහිදී පිරිමි සූරතාවය මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සතු වුණ අතර කාන්තා සූරියන් බවට පත් වූයේ කොළඹ මියුසියස් විද්‍යාලීය ක්‍රීඩිකාවන්.දින පහක් පුරා පැවති තරගාවලිය ගල්කිස්ස ශාන්ත තෝමස්,මරදාන ශාන්ත ජෝෂප් සහ හෝමර් ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාංගණය ඇසුරේ පවත්වන්නට යෙදුණා.
පිරිමි අංශයේ අනුසූරතාවය දිනා ගන්නට වත්තල ලයිසියම් විද්‍යාලය සමත් වු අතර කාන්තා අනු සූරතාවය මාතරට රැඟෙන යන්නට සුජාතා බාලිකා විද්‍යාලය සමත් වුණා.


මෙම තරගාවලියේ වයස් කාණ්ඩ අතර තරගවලදී වැඩි අවධානයක් දිනා ගත් අවුරුදු 19 න් පහළ තරගවලදී සූරතාවය දිනා ගන්නට සෙනුක් සමරරත්න සමත් වුනේ තෙදැස් වේරගොඩ ලකුණු 22-20 සහ 21-16 ලෙස තියුණු තරගයකින් පරාජය කිරීමෙන් පසුවයි.හම වයස් කාණ්ඩයේ බාලිකා සූරතාවය දිනා ගත්තේ සිතුකි ඔනාදි යි.අවසාන තරගයේ දී ඇයට පරාජය වී රුක්ෂිකා බාස්කරන අනු සූරිය වන්නට සමත් වුණා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...