ජාත්‍යන්තර බැඩ්මින්ටන් පිටියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරග තුනක

Date:

සටහන – නිශ්මං රණසිංහ

නොවැම්බර් 23, (LNW) කොළඹ: බහරේන් ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලියේ කාන්තා කේවල තරග නියෝජනය කරන රනිත්මා ලියනගේ සහ පිරිමි යුගල තරග නියෝජනය කරන දිනුර රශ්මික සහ සියත් සේනාරත්නත් සිය තරග ජයග්‍රහණය කරන්නට සමත් වුණා.එම තරග ජයග්‍රහණ සමඟ රනිත්මා අවසාන පූර්ව වටයට පිවිසීමේ භාග්‍යය උදා කරගත්තා.දිනුර සහ සියත් ද එම ජයග්‍රහණයත් සමග අවසන් පූර්ව වටය නියෝජනයට සුදුසුකම් ලබා ගනු ලැබුවා.

මේ අතර බොට්ස්වානා ජාත්‍යන්තර තරගාවලිය නියෝජනය කරන හසාරා විජේරත්න සහ හසිනි අම්බලන්ගොඩ ද එම තරගාවලියේ කාන්තා යුගල තරග දෙකකම ජයග්‍රහණ අත් කර ගනිමින් අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනිමට සමත් වුණා.

රනිත්මා සිය ප්‍රතිවාදිනිය වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය නියෝජනය කරන මීෂා ඔමෙර් කාන්ට එරෙහිව ලකුණු 22-20 සහ 21-8 ක් ලෙස ජයග්‍රහණය අත් කර ගත්තා.දිනුර සහ සියත් අවසාන පූර්ව තරගයට පිවිසීම සඳහා පරාජය කළේ කසකස්තානයේ දිමිත්‍රි පනරින් සහ මක්සුට් තජිබුලෙව් යන යුගලයයි.එහිදී ලකුණු 19 – 21,21-11 ක් සහ 21-15 ක් ලෙස තරගය වට 3 ක් ඇදී ගියා.
රනිත්මා අද 26 හැවිරිදි විවිධ ජයග්‍රහණ සහිත ජපන් ක්‍රීඩිකාවක වන ෂිහෝරි එබිහරා මුණ ගැසීමට නියමිත අතර දිනුර සහ සියත්ගේ ප්‍රතිවාදීන් වන්නේ පිලිපීනය නියෝජනය කරන ක්‍රිස්ටියන් බර්නාඩෝ සහ ඇල්වින් මොරාඩා යි.බහරේන් තරගාවලියේ පළමු අදියරේ ලෝකඩ පදක්කමක් ජය ගත් ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා අර්ධ අවසන් පූර්ව වටයේදී අවාසනාවන්ත ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මීෂා ඔමෙර් ඛාන් සහ ටාබියා කාන් අතින් ලකුණු 21-11 සහ 21 – 7 ක් ලෙස පරාජයට පත් වුණා.

බොට්ස්වානා තරගයේ අර්ධ අවසන් පූර්ව වටයේ දී හසිනි සහ හසාරාට ප්‍රතිවාදිනියන් ලෙස හමුවිය යුතුව තිබුණු උගන්ඩාවේ කෘතුම් නලුමන්සි සහ මෙබ්ලේ නාමකොයේ තරගයට නොපැමිණි නිසා නිතරග ජයක් හිමි වුණා.පළමු තරගයේදි ඔවුන් දෙදෙනාට හමු වූ බොට්ස්වානා හී නැන්සි ඛාකා සහ ට්සොෆෙලී විලී පරාජයට පත් කළේ ලකුණු 21 – 10 ක් සහ 21 – 7 ක් ලෙසයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...

2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...