සමඟියේ නායකත්වයේ වෙනසක්?

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හා සමඟි ජන බලවේගයේ නායකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේය.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සම්බන්ධ තීරණය නිසි කලට,නිසි වේලාවට,නිසි අයුරින් සිදුවනු ඇති බවයි ප්‍රේමදාස මහතා පැවසුවේ.

හරියට කතා කළොත් පසුබෑමකට ලක්වූ ලැයිස්තුවේ සිටින සියලු දෙනා ගුණාත්මකභාවයෙන් ඉතා ඉහළ අය බවත් මේ සියලු දෙනාටම රට ගොඩගැනීමේ වගකීමේ ලොකු වගකීමක් තිබිය යුතු බවත් මේ ලැයිස්තුවේ ඉතා පරිණත කොට්ඨාසයක් සිටින බවත් තමාගේ හිතේ ඇත්තේ කඩාවැටුණු ගරාවැටුණු රට සහ ලක්ෂ 220ක් ජනතාව ගොඩගැනීම බවත් හෙතෙම සඳහන් කරන ලදී.

සමඟි ජන බලවේගයේ නායකත්වයේ වෙනසක් සිදුවනවාද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ,’‘ඒක පාරිභෝගික භාණ්ඩයක් නෙවෙයි අලෙවිකරන්නට. ඒක හුවමරුකරගන්නට තියෙන භාණ්ඩයකුත් නෙවෙයි. ඒ සියලු තීන්දු තීරණ රටේ ජනතාව ගන්න තීන්දු තීරණ.” යනුවෙනි.

එසේ ම සමගි ජන බලවේගය විශ්වාස කරන ප්‍රතිපත්ති මාලාවක් ඇති බවත් මෙම ප්‍රතිපත්ති, දර්ශනය හා වැඩපිළිවෙළ පිළිගන්නා විශ්වාස කරන ධනාත්මක අදහස් ඇති සියලු දෙනාට එකතු විය හැකි බවත් එය පක්ෂයකට හෝ ලාංඡනයකට සීමා වී නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය