නිධන් වදුළු කියන්නේ ඇත්තක්ද?

කොළඹ LNW:නිධන් වදුළු ඇතුලු 18 වන සියවසෙන් පසුව රචනා වූ පුස්කොල ලේඛන පාදක කර ගනිමින් නිධන් සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජය තුළ නිර්මාණය වී ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා පැවසීය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ දක්වා දිවයින පුරා කරන ලද කැණීම්වලදී නිධන් වදුලුවල සඳහන් පරිදි මහා අනර්ඝ සම්පත් හෝ මූල්‍ය වටිනාකම් සහිත සම්පත් හමුවී නොමැති බව ද ඒ මහතා පැවසුවේය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කරන ලද්දේ මධ්‍යම අධිවේගී මාර්ගයට යාබදව වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුකරන නිධන් කැණිම සම්බන්ධයෙන් දැනුවත් කිරිම සඳහා අද (23) මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදීය.

වඳුරඹ කළ කැණීම්වලදී හමුවූ විශාල කළුගල කඩා පරීක්ෂා කළත් පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් කිසිවක් හමුනොවුණු බව ඒ මහතා කීවේය. විවිධ පාර්ශවයන් අනවසර කැණීම් කිරීම නිසා කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වී ඇති බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වස්තූන් හමුවී නොමැති බවට අවස්ථා කිහිපයකදී වාර්තා කොට ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම ස්ථානයේ ස්වාභාවිකව නිර්මාණය වූ ලෝහ සම්බන්ධයෙන් වාර්තා වන බව ද ඒ මහතා පැවසුවේය.

පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත වස්තූන් රැසක් විවධ ප්‍රදේශවලින් හමුවී ඇති නමුත් ඒවා මිල කළ හැකි දෑ නොවන නමුත් පුරාවිද්‍යාත්මක වශයෙන් මිල කළ නොහැකි වස්තූන් වන බව ද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පැවසුවේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HIV අර්බුදයට මුහුණදීමට ෆීජි රාජ්‍යය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29: ෆීජි රාජ්‍යයේ...

පෙට්‍රල්, ඩීසල් දැන් ඉතිහාසයට? – ලෝකයම මවිත කරමින් නෝර්වේ ගෙන ගිය විස්මිත හරිත පෙරළිය!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29: සාම්ප්‍රදායික ඉන්ධන...

අද (29) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 29) දිනයේදී ඌව, නැගෙනහිර...

රත්ගමත් වෙඩිතැබීමක්. තරුණයෙකු රෝහලට !

රත්ගම පොලිස් වසමට අයත් මෝරොවියාවත්ත ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රී...