හඳගමගේ “රාණි” චිත්‍රපටයේ ට්‍රේලරය නිකුත් වෙයි ! (VIDEO)

Date:

මනෝරාණි ගැන විවිධ අයට විවිධ කතා කියන්න ඇති. මටත් තිබුණා මගේ කතාවක් කියන්න. ඒ නිසා (අහම්බෙන් ඇඟේ වැදුණු) මේ චිත්‍රපටය ඒ සඳහා අවස්ථාව වුණා. ස්වර්ණාගේ රංගන සිහිනය සැබෑ කිරීමත්, මනෝරාණි ගැන මගේ කතාව කීමත් මේ චිත්‍රපටයේ අරමුණ වුණා. අසූව දශකයේ තරුණ විය පසු කරගෙන ආපු හැමෝටම අඩු වැඩි වශයෙන් මේ අත්දැකීම මතක තියෙනවා.

මේක මගේ අනිත් චිත්‍රපටි වලට වඩා ශෛලියෙන් වෙනස් එකක්. Biopic හෙවත් ජීවිත කතා ශානරයට අයිති එකක් කියුවොත් වැරදි නැහැ. හැබැයි එහෙමමත් නෙවෙයි. කොහොම හරි එහෙම තමයි. ඒත් වෙනස්.

රූපවාහිනියේ ඉංග්‍රීසි නිවුස් කිව්ව හින්දා, යශෝරාවය ජනප්‍රිය ටෙලි නාට්‍යයේ හිටපු හින්දා රිචඩ් නොදන්න කෙනෙක් නැහැ. එහෙත් අන්තිම වතාවට මම රිචඩ්ව දැක්කේ, මාඝාත වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය දා ලුම්බිණියේ දී. වේදිකාවේ පැති තිරයක් අස්සෙන් ප්‍රේක්ෂකාගාරය දෙස බලා ඉන්න මට අන්තිම වතාවට රිචඩ්ව දැක්ක හැටි හොඳට මතකයි. මාඝාත නාට්‍යයේ පලවෙනි review එක The Island පුවත්පතට ලිව්වේ ත් රිචඩ්. (ඒ 1989 ඔක්තෝබර් මාසයේ දවසක. )

ඉතින් Richard ගැනත් මනෝරාණි ගැනත් මගේ කතාවයි රාණි. ඒ හින්දා මේක ප්‍රබන්ධයක්.

රාණි චිත්‍රපටියේ trailer එක දැන් අවුට්. ඒක සිනමා ශාලාවල තිරගත කෙරෙනවා. සිනමා හල්වල තිරගත කෙරෙන 2K කොලිටි එකේ බලන්න ඕන නං මේ link එකට ගිහින් බලන්න.

~ අසෝක හඳගම

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...