රඹුක්කන ප්‍රහාරයේ ඇත්ත වහන්න එපා. වහාම ආරක්ෂක ලේකම්, පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්න – සජිත්

මිනීමරු ලේවැකි ඉතිහාසයක් ඇති රාජපක්ෂ ආණ්ඩුව අද යලිත් ඒ ත්‍රස්තවාදී පන්නයේ සුපුරුදු පිළිවෙතට ඇතුල් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එදා උගන්ඩාවට වතුර දීපු රාජපක්ෂ ආණ්ඩුව, රතුපස්වල වතුර ඉල්ලපු අපේ මිනිස්සුන්ට වෙඩි තිබ්බ ආණ්ඩුව, එදා භූමිතෙල් ඉල්ලපු ධීවරයින්ට වෙඩි තිබ්බ ආණ්ඩුව අද නැවත ඉතිහාසය ලියමින් සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා ලලිත්, කූගන් වගේ තරුණයො අතුරුදන් කළේත්, ලසන්තලා මහ දවල් ඝාතනය කළේත් මේ ආණ්ඩුව බවද පැවසීය.

මේ බියගුලු ප්‍රහාරය පිලිබදව විශ්‍රාමලත් විනිසුරුවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් හරහා වහාම පරීක්ෂණයක් කළයුතු බවත් අදම පක්ෂ නායක රැස්වීමකට ආරක්ෂක ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය ලේකම්, පොලිස්පති, ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කැඳවිය යුතු බවත් විපක්ෂ නායකවරයා තරයේ අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...