බාල බෙහෙත්වලට අනුමතිය දීමේ සිද්ධියට හිටපු ජනපති හා අගමැතිත් CID කැඳවීමේ සූදානමක්!

Date:

කොළඹ LNW:ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව වාර්තා වෙයි.

අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන් කැබිනට් මණ්ඩලයේ මූලාසනය දරා තිබුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වන අතර අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කැබිනට් සාමූහිකය මෙන් අගමැතිවරයාද මෙහිදී වගකීමට බැඳී සිටින හෙයින් ඉදිරියේදී ඔවුන්ගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කෙරෙනු ඇති.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදාළ කැබිනට් පත්‍රිකාව යොමුකර තිබුණි. ඒ අනුව ඔහු පසුගිය කාලයේ රක්ෂිත බන්ධනාගාරගතවද සිටි අතර අදාළ නඩුව තවදුරටත් විභාග වෙමින් තිබේ.

ඒ අනුව එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදුන් හිටපු කැබිනට් අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග,හරීන් ප්‍රනාන්දු,රොෂාන් රණසිංහ,රමේෂ් පතිරණ, විජේදාස රාජපක්ෂ,නලීන් ප්‍රනාන්දු,විදුර වික්‍රමනායක සහ නසීර් අහමඩ් යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...