ආපදා හේතුවෙන් අවහිර වූ මාර්ග සියල්ල යළි විවෘත කරයි!

Date:

කොළඹ LNW:ආපදා හේතුවෙන් අවහිර වූ මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම මාර්ග වාහන ගමනාගමනය වෙනුවෙන් මේ වන විට විවෘත කොට ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පැවසීය.

මාර්ග සංවර්ධන අධිකාරිය හා පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සතු තිහකට අධික මාර්ග ප්‍රමාණයක් මේ ඉකුත් දින දෙදක කාලය තුළ අවහිර වී තිබුණු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

නියෝජ්‍ය ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා කළමණාකරණය කර ගැනීම නිමිත්තෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (28) පැවැති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා සම්පූර්ණයෙන් අවහිරවී ඇති මාර්ග ඔස්සේ ගමන් කිරීමට අපහසුතා මතු වන්නේ නම් ඒ වෙනුවෙන් දෙපසට ගමන් කිරීම සඳහා අමතර පොදු ප්‍රවාහන සේවා යොදන බව කීවේය.

හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා ඇස්තමේන්තු සකස් කොට ඉදිරියේදී මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව ද ඒ මහතා පැවසුවේය. අවදානම් තත්ත්වය පහව ගොස් නැති බැවින් අවහිර වූ මාර්ග සම්පූර්ණයෙන්ම විවෘත කිරීම අනතුරුදායක නිසා බොහෝ මාර්ග එක් මංතීරුවක් පමණක් විවෘත කොට ඇති බව ද රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා වැඩිදුරටත් පැවසුවේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක මහතා, ජගත් මණුවර්ණ කොඩිතුවක්කු, ගෙදර කුඹුරේගෙදර බස්නායක, රියාස් මොහොමඩ්, දෝණ තුෂාරී ජයසිංහ, මොහොමඩ් පස්මීන් යන මහත්ම මහත්මීන් ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, වැඩබලන මහනුවර දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර යන මහත්වරුන්ද ප්‍රාදේශීය ලේකම්වරු හා අයතන ප්‍රධානීන් රැසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගීවිය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගර් විශ්වාසය සමග මෙරට වෙළඳපොලට අලුතින්ම එකතුවන TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු...

දැන් අපේ රටේ වී වගාවට යටකරලා තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති ! – කෘෂිකර්ම ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට ශ්‍රී ලංකාවේ වී වගාව...

විපක්ෂ නායක සජිත් ඉන්දියාවේ නිල සංචාරයක

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ...

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...