අද(29) සිට සහල් ආනයනයට ටෙන්ඩර් කැඳවයි!

0
380

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ (LNW):

අද(29) සිට සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට ටෙන්ඩර් කැඳවන බව ලක් සතොස දන්වා සිටී.

ඒ අනුව සහල් තොග ආනයනය සඳහා අද සිට දින 7 ක් ඇතුළත ආනයනකරුවන්ට ඉදිරිපත් විය හැකි බව, එහි සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේය

ඒ අනුව අදියර කිහිපයක් යටතේ සහල් මෙට්‍රික් ටොන් 70,000ක් දිවයිනට ගෙන්වීමට සැලසුම් කර ඇති අතර , එම සහල් උත්සව සමයට පෙර වෙළෙඳ පොලට නිකුත් කිරීමට අපේක්ෂිත බව පැවසේ.

ලක් සතොස අලෙවි සැල් හරහා මෙන්ම සුපිරි වෙළෙඳ සැල් හා සාමාන්‍ය තොග වෙළෙඳ සැල් හරහාද එම සහල් තොග බෙදා හැරීමට සැලසුම්කර ඇති බවත්, ආචාර්ය සමිත පෙරේරා මහතා ප්‍රකාශ කළේය.