ට්‍රම්ප්ගේ 25%ක නව තිරුබද්දට මෙක්සිකානු ජනාධිපතිනියගෙන් අනතුරු ඇඟවීමක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා මෙක්සිකෝව, කැනඩාව හා චීනය වෙනුවෙන් පනවන ලද 25%ක නව තීරුබද්ද ක්‍රියාත්මක කරන්නේ නම් එක්සත් ජනපදයේ රැකියා 40,000ක් අහිමි කළ හැකි බවට මෙක්සිකෝවේ ජනාධිපති සහ ආර්ථික අමාත්‍ය ක්ලෝඩියා ෂයින්බෝම් අනතුරු අඟවා තිබේ.

ඊයේ(28)දිනයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට සමබන්ධ වෙමින් ජනාධිපතිවරිය සඳහන් කර තිබුණේ, ට්‍රම්ප් සැලසුම් අනුගමනය කරන්නේ නම් මෙක්සිකානු ප්‍රතිචාරය වේගවත් වනු ඇති බවයි.

මෙහිදී, මෙක්සිකෝවේ නිෂ්පාදනය කරන එක්සත් ජනපද මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංඛ්‍යාලේඛන මත පදනම් වූ අධ්‍යයනයක් පෙන්වා දෙමින් ඔහු එක්සත් ජනපදයේ රැකියා 400,000 ක් පමණ අහිමි වනු ඇති අතර මෙහි බලපෑම බලපෑම කම්කරුවන්ගෙන් ඔබ්බට එක්සත් ජනපද පාරිභෝගිකයින් දක්වා විහිද යනු ඇත. ඒ අනුව, එක්සත් ජනපදයේ අලෙවි කරන බොහෝ පික්-අප් ට්‍රක් රථ මෙක්සිකෝවේ නිෂ්පාදනය කරන හෙයින් ට්‍රම්ප්ගේ ගාස්තු නව වාහනයක මිලට ඩොලර් 3,000ක් එකතු වනු ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා සඳහන් කර තිබුණේ, එක්සත් ජනපදයට සිදුවන ෆෙන්ටැනයිල් ඇතුළු මත්ද්‍රව්‍ය සහ ලේඛනගත නොවූ සංක්‍රමණිකයන් වෙනුවෙන් විසඳුම් සෙවීමට රටවල් තුන වැඩි යමක් නොකළහොත් තීරුබදු 25%කින් වැඩි කිරීමට තමා සුදානම්ව ඇති බවයි. කෙසේ නමුත් ට්‍රම්ප්ගේ යෝජිත තීරුබදු , මෙක්සිකෝව සහ කැනඩාව අතර නිදහස් වෙළඳ ගිවිසුමට එරෙහිව ක්‍රියාත්මක විය හැකි බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...

රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...