අතරමඟ නතර කළ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කරන්න – සජිත් ජපාන තානාපතිගෙන් ඉල්ලයි (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට ජපාන තානාපති Akio Isomata මහතා අතර හමුවක් ඊයේ (දෙසැම්බර් 01) කොළඹ දී සිදුවිය.

මෙහි දී ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පැවැති රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ඉදිරියටත් පවත්වා ගෙන යන ලෙසත් ඒ සඳහා තමාගේ උපරිම දායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපතිවරයා හමුවේ පැවසීය.

එසේම පසුගිය කාලය තුළ ජපානය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා ඒ සඳහා අවශ්‍ය උපරිම සහයෝගය විපක්ෂයේ සිට තමා ලබා දෙන බවත් තවදුරටත් සඳහන් කළේය.

මේ අවස්ථාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය කවින්ද ජයවර්ධන මහතා ද එක්ව සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...