Breaking News: මිහිරාන්ගෙන් වසර 37 ට පසුව ලංකාවට ආසියානු මට්ටමේ බොක්සිං ලෝකඩ පදක්කමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

දෙසැම්බර් 08, (LNW) කොළඹ:තායිලන්තයේ පැවත්වෙන ASBC Asian Elite බොක්සිං සූරතාවලියේ උමයංග මිහිරාන් ඓතිහාසික වටිනාකමක් සහිත ලෝකඩ පදක්කමක් මීට සුළු මොහොතකට පෙර දිනා ගත්තා.ඒ අවසන් පූර්ව තරගයේදී උස්බෙකිස්තානයේ ජසිලොව් අසිල්බෙක් හමුවේ පරාජයට පත් වීමෙන් අනතුරුවයි.වසර 37 ට පසුව ශ්‍රී ලංකාව ආසියාතික මට්ටමෙන් බොක්සිං පදක්කමක් දිනා ගත් අවස්ථාව ලෙස මිහිරාන්ගේ ජයග්‍රහණයට ඓතිහාසික වටිනාකමක් හිමිවෙනවා.

ආසියාතික මට්ටමේ දී අවසන් පූර්ව තරගයක් දක්වා පැමිණ පදක්කමක් දිනා ගෙන ඇති අවසාන අවස්ථාව වාර්තා වන්නේ 1987 දෙසැම්බර් 23 වන දා කුවේට් හී දී ය. ඒ කිලෝග්‍රෑම් 54 පංතියෙන් තරග වැඳුණු ලක්ෂමන් රත්නසූරිය ය.ඉනික්බිතිව වසර 37 ට පසුව එම අවස්ථාව උදා කර ගනිමින් අවසන් පූර්ව තරගයට පිවිසීම සඳහා මිහිරාන් විසින් පරාජය කරන්නට යෙදුණේ ආසියානු පදක්කම්ලාභී මැලේසියාවේ අබ්දූල් කයුම් ය.

තවමත් 21 හැවිරිදි සරසවි සිසුවෙකු වන මිහිරාන් සම්බන්ධයෙන් අප මීට පෙර ද අවස්ථා ගණනකාවකදී බලධාරීන්ගේ අවධානය යොමු කර ඇත.ඒත් ඒ සම්බන්ධ ප්‍රතිචාර තවමත් පවතින්නේ, වඳ කාන්තාවකට මව් කිරි එරෙන තෙක් බලා සිටින මට්ටමකය.එතරම්ම අවධානය යොමු වූ බවක් පෙනෙන්නට නැත.2028 සඳහා ඔලිමිපික් සංචිතයක් සූදානම් කරන්නේනම් ඊට අනිවාර්යෙන්ම ඇතුළත් විය යුතු මිහිරාන්ට එම අවස්ථාව ලබා දීම 2027 තෙක් බලා නොසිට දැන්ම වැඩ පිළිවෙලක් පටන් ගන්නට හැකිනම් 2028 ලොස් ඇන්ජලීස් ඔලිමිපික් තරගාවලිය සඳහා සකස් කළ හැකිඅඩු වයස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් විවිධ ක්‍රීඩාවන්හී ඇති බව අපි නැවත නෑසුන සේ සිටින,නොපෙණුන සේ සිටින බලධාරීන්ට සිහි ගන්වමු.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...