ශ්‍රී ලංකා සත්සාමාජික රග්බි සංචිත නම් කෙරේ

Date:

ශ්‍රී ලංකා රග්බි පිරිමි හා කාන්තා කණ්ඩායම් තෝරා ගැනිම සඳහා වන රගර් සංචිත නම් කර ඇත.එහිදී පිරිමි සංචිතයට ක්‍රීඩකයින් 6 දෙනෙක් ඇතුළත් කර ඇත.ඊට අමතරව එම සංචිතයට නම් කරන ලද ආබාධවලට ලක්ව සිටින ක්‍රීඩකයින් තිදෙනෙක්ගේ සහ දැනට විදෙස්ගතව සිටින ක්‍රීඩකයින් තිදෙනෙක්ගේ නම් ද ඇතුළත් කර ඇත.කාන්තා සංචිතයට කැඳවා ඇති ක්‍රීඩිකාවන් ප්‍රමාණය 26 කි.
පිරිමි සංචිතයේ ක්‍රීඩකයින් 56 දෙනාගෙන් වැඩිම පිරිසක් නියෝජනය කරනු ලබන්නේ මහනුවර ක්‍රීඩා සමාජයෙන් සහ සිඑච් ඇන්ඩ් එෆ්සි කණ්ඩායම්වලින්ය.ඒ ක්‍රීඩා සමාජයකින් ක්‍රීඩකයින් එකොළහ බැඟින් කණ්ඩායමට ඇතුළත්ව ඇත.හැව්ලොක්ස් සහ පොලිස් කණ්ඩායම්වලින් ජාතික සංචිතයට ක්‍රීඩකයින් අට දෙනා බැඟින් එක්ව තිබේ.ගුවන් හමුදා කණ්ඩායමේ හත් දෙනෙකුද,නාවික හමුදා සහ සීආර් ඇන්ඩ් එෆ්සි කණ්ඩායම්වලින් සිව් දෙනා බැඟින් ද ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් තිදෙනෙක්ද මෙම සංචිතයට එක් වී සිටිති.

කාන්තා සංචිතයේ වැඩි නියෝජනය දකින්නට ලැබෙන්නේ නාවික හමුදා කණ්ඩායමෙන්ය.එයින් නව දෙනෙක් ජාතික සංචිතයට තේරී ඇත.යුද හමුදා කණ්ඩායමෙන් ජාතික සංචිතයට එක්ව ඇති ක්‍රීඩිකාවන් ප්‍රමාණය හතකි.ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ත්‍රිවිධ හමුදාවට අයත් නොවන එකම කණ්ඩායම ලෙස මෙම තෝරා ගැනිමේදි හඳුනාගත හැකි සීආර් ඇන්ඩ් එෆ්සි කණ්ඩායමෙන් ක්‍රීඩකාවන් පස් දෙනා බැඟීන්ද සංචිතයට ඇතුළත්ව සිටිති.

මෙම සංචිතගත ක්‍රීඩකයින් කණ්ඩායම්වලට බෙදා තෝරාගැනීමේ තරග පවත්වා හොඳම කණ්ඩායම තෝරා ගැනීමට සූදානමින් සිටින බව රගර් කේෂ්ත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරන අතර දැනට ගැටළුවකට ඇත්තේ නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස සිටියදී නිසි කරුණු දැණුම්දිමකින් තොරව රගර් පරිපාලනය විසුරුවා හැරිම නිසා ජාත්‍යන්තර වශයෙන් ලංකාවේ රගර් ක්‍රීඩාවට එල්ල වි තිබෙන බලපෑමයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාල අගමැති ඔලි ඉල්ලා අස්වීම මධ්‍යයේ නේපාල තරුණයන් පර්ලිමේන්තුවට ගිනි තබයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණයට හා...

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...

Tasty Tuesdays: අපේ තාලෙට හැදුණු වන්-පොට් බිරියානි! One-Pot Biryani – A Comforting Feast in a Single Pot

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...