සිරියාව අසාද් පාලනයෙන් නිදහස්; සටන්කාමින් නිදහස සමරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සිරියාවේ විපක්ෂ සටන්කාමින් විසින් ඩැමස්කස් අගනුවරට ඇතුළු වී වසර 24ක ජනාධිපති අල්-අසාද්ගේ පාලනය නිමා කළ බව එරට විපක්ෂ හමුදා ප්‍රකාශ කර තිබේ.

සිරියානු ජාතික රූපවාහිනියේ සජීවීව ජාතිය අමතමින් සටන්කාමී කණ්ඩායම් සඳහන් කර තිබුණේ, කෲර පාලක අල්-අසාද් බලයෙන් පහ කර ඇති බවත්, දමස්කස්හි ප්‍රධාන බන්ධනාගාරයේ සියලුම සිරකරුවන් නිදහස් කර ඇති බවත්, අපගේ සියලුම සටන්කරුවන්ට සහ පුරවැසියන්ට සිරියාවේ දේපළ ආරක්ෂා කර පවත්වාගෙන යාමට අපි ප්‍රාර්ථනා කරන බවයි.

මේ වන විට ජනාධිපති බෂාර් අල්-අසාද් හා ඔහුගේ පවුල අගනුවරෙන් පලා ගොස් ඇති අතර ඔහු සිටින ස්ථානය තවමත් නොදනී.

වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් සිරියානු අගමැති මොහොමඩ් ගාසි ජලාලි සඳහන් කර තිබුණේ, පාලක පක්ෂයේ කාර්යයන් සංක්‍රාන්ති රජයකට පැවරීමට රජය සූදානම් බවයි.

2011 වසරේදී මුල් වරට අල්-අසාද්ට එරෙහිව විශාල වශයෙන් නිරායුධ නැගිටීමක් ලෙස ආරම්භ වූ අතර රජය එය ඉතා දැඩිව මර්දනය කරන ලදී. මේ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනගහනයක් මියගිය අතර මිලියන සංඛ්‍යාත පිරිසත් සරණාගතයන් බවට පත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...