දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු කොරියානු ජනාධිපති ජනාධිපති යූන් සුක් යෙයෝල් විසින් පසුගිය සතියේ රට තුළ යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමේදී ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යුන් දකුණු කොරියානු නඩු පවරන්නන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

දකුණු කොරියානු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් සහ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් යූන් දෝෂාභියෝගය ඉදිරිපත් කරමින් කියා තිබුණේ, ආරක්ෂක අමාත්‍යවරයා හදිසි යුධ නිනිය පැනවීමේ යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර බවයි.

පසුගිය බදාදා(04) ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යුන් සිය ඉල්ලා අස්වීම භාර දුන් අතර ඔහු මෙම යුද නීති ප්‍රකාශයේ කේන්ද්‍රීය චරිතයක් ලෙස සැලකේ.

මේ වන විට සුළුතර විරුද්ධ පක්ෂ තුනක් විසින් ජනාධිපති යූන් සුක් යෙයෝල්, හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යුන් හා යුධ නීති අණ දෙන නිලධාරි පාක් අන්-සුට එරෙහිව රාජද්‍රෝහී චෝදනා එල්ල කරමින් පැමිණිල්ලක් ගොනුකර ඇති අතර මේ සමබන්ධයෙන් වාර්තා කරමින් යොන්හැප් පුවත් ඒජන්සිය සඳහන් කර තිබුණේ, කිම් යොං-හ්යුන්ට එරෙහිව විමර්ශන කටයුත්තක් සිදුවන බැවින් ඔහුට සංචාරක තහනමක් පැනවෙන බවත්, පොලිසිය විසින් ඔහුගේ නිවාස හා කාර්යාලය වටලා ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...