තවත් වෙඩි තැබීමක්, අයෙක් මරුට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ (LNW):

අද (8) රාත්‍රියේ, ගම්පහ පොලිස් වසමේ තම්මිට පාරේ කවුඩන්ගහ ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති අතර, යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි, වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් වාර්තා කරයි.

මරණකරු වයස අවුරුදු 39ක් වූ තම්මිට, මාකෙවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් , වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටත් පොලීසිය සැක කරයි. 

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර, මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් පසු රාජ්‍ය මූල්‍යනය : අමතර බිලියන සිය ගණන හොයාගන්නේ කොහොමද ?

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසන තත්ත්වය හමුවේ...

ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නක් හේතුවෙන් 23 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

චන්ද්‍රසේකර් ප්‍රපංචයේ මනෝවිශ්ලේෂනය ….

අද මම ලියන්ට හීතුවේ අපෙ රවී සහෝදරයා (චන්ද්‍රසේකර්) තැනට...