ජය පැරදුම තීරණය වන වීවෘත තරගයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 09 ,(LNW) කොළඹ :

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ අවසාන දිනය කණ්ඩායම් දෙකටම විවෘත තරගයක් විය හැකිය.එහෙත් සත්කාරක දකුණු අප්‍රිකාවට වඩා වාසිදායක යැයි සිතිය හැකිය.තරගයෙන් ජය ගන්නට අවසාන දිනය සම්පූර්ණයෙන් ඉතුරුව ඇති අතර ශ්‍රී ලංකාවට ඒ සඳහා ලබා ගත යුතුව ඇත්තේ ලකුණු 143 ක් පමණි.කඩුලු 5 ක් ඉතිරිව ඇත.එහෙත් පිටියේ සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිළිගත හැකි මට්ටමේ අවසාන පිතිකරු යුගලයය.


දකුණු අප්‍රිකාව දෙවන ඉණිමේදී ලකුණු 317 ක් ලබා ගැනීමට සමත් විය.වැඩිම ලකුණුලාභියා වෙමින් ටෙම්බා බවුමා ලකුණු 66 ක් ලැබීය.ප්‍රභාත් ජයසූරිය සිය ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ විදේශ රටක දී ඉණිමකදී කඩුලු 5 ක් ලද පළමු අවස්ථාව සටහන් කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව වැඩිම හානිය කළ ශ්‍රී ලාංකේය පන්දු යවන්නා වෙමින් ලකුණු 129 ට කඩුලු 5 ක් දවා ගන්නට සමත් විය.


ජයග්‍රහණය සඳහා ලකුණු 348 ක් රැස් කිරීමේ අභියෝගයට මුහුණ දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් වාර්තා වු වැඩිම ලකුණු ප්‍රමාණයන් මේ දක්වා ලබාගෙන ඇත්තේ දැනට නොදැවී ක්‍රීඩා කරන නායක ධනංජය ද සිල්වා සහ කුසල් මෙණ්ඩිස්ය.දෙදෙනාම ලකුණු 39 බැඟීන් ලබා ගෙන ඇත.කුසල් පීඩනයට එරෙහිව ආරක්ෂාවට වඩා ප්‍රති පීඩනය ඇති කරන ආක්‍රමණික ක්‍රීඩා රටාවක හැඩතල සහිත ඉණිමක නිරත වෙමින් සිටින්නේය.මේ වන විටත් ඔහු සිය ලකුණු 39 වෙනුවෙන් හයේ සහ හතරේ පහර දෙක බැඟීන් වාර්තා කර ඇත.මේ වන විට පවත්වාගෙන ඇති කුසල්ගේ සහ ධනංජයගේ නොබිඳි ලකුණු 83 ක සබඳතාවය අඛණ්ඩව පවත්වාගෙන යාම ජයග්‍රහණය වෙනුවෙන් සිඳු කළ යුතුම කාර්යය වන්නේය.

ඉතිහාසයෙන් ලැබෙන විශ්වාස සහ අභියෝගය
මෙම ක්‍රීඩා පිටියේ දී 2019 වසරේදී ද ශ්‍රී ලංකාව හඹා ගොස් ලැබූ ජයක් ඇත.එහිදී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගයේ වීරයා වීමට සුදුසු ඉණිමක් දියත් කරමින් නොදැවී ලකුණු 84 ක් රැස් කළේ කුසල් මෙණ්ඩිස්ය.එම සංචාරයේදී එම තරගයට පෙර තරගයේදී ක්‍රිකට් වංශකතාවේ එන විශිෂ්ඨතම ඉණිමක් දියත් කරමින් කුසල් පෙරේරා ලකුණු 153 ක් නොදැවී ලබා ගත් ජයේදී අවසාන කඩුල්ල වෙනුවෙන් කුසල් සමඟ ලකුණු 78 ක නොබිඳි අමිල සබඳතාවයක් පිහිට වූ විශ්ව ප්‍රනාන්දු ද කණ්ඩායමේ සිටියි.


ඒ ජයග්‍රහණ විශ්වාසයට ගෙන ධනාත්මකව සිතීම ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇත.එහෙත් ප්‍රභාත් ජයසූරිය කඩුලු 5 ක් දවා ගත් තණතීරුව මත කේෂව මහාරාජ්ගේ දඟ පන්දුව අහිංසකව නොහැසිරෙනු ඇත.මේ සමඟ වන ඡායාරූපයෙන් ද දැක්වෙන්නේ කුසල් මෙණ්ඩිස්ට ඊයෙ මහාරාජ් එවූ පන්දුවක දඟ කැවීම සහ ඉල්පීම පෙන්වන අවස්ථාවකි.එසේම අභියෝගාත්මක වේග පන්දු යවන්නන් ද සුළු කොට ගත නොහැකිය.මේ අභියෝග ඉදිරියේ කර ඔප්පු කර පෙන්වා ඇති ඉතිහාසය විසින් ගොඬ නඟනු ලබන විශ්වාසත්,ස්වීය දකුෂතා ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යාමට අවශ්‍යය ක්‍රීඩා රටාව මෙන්ම ඉවසීමත් නොසිඳෙන්නට පවත්වා ගැනීම කෙරෙහි ධනංජය සහ කුසල් කැපවීමෙන් ක්‍රියා කළ යුතුය.
මේ දක්වා තරගය ගලා ගිය ආකාරය දකින්නට පහතින් ලකුණු පූවරුවට පිවිසිය හැකියි.→ https://es.pn/4fZABBh

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...

චීන-ඉන්දීය මිත්‍රත්වය අලුත් කළ විදෙස් ඇමතිවරුන්ගේ සාකච්ඡාව! ‍

කොළඹ LNW:මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...