බොරතෙල් ‍තොග අවසන් – සපුගස්කන්ද යළිත් වැසෙයි

0
456

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වසාදැමීමට සිදුව ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඒ අනුව ජනවාරි 03 වැනිදා සිට තෙල් පිරිපහදුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවනු ඇත.

මෙරටට ආනයනය කළ බොරතෙල් තොග අවසන් වීම නිසා තෙල් පිරිපහදුව වසාදැමීමට සිදුව ඇති අතර කෙසේ නමුත් බොරතෙල් තොග පැමිණි වහාම තෙල් පිරිපහදුවේ කටයුතු යළිත් ආරම්භ වන බව තෙල් සංස්ථාව පවසනවා. බොහෝදුරට ජනවාරි 30 වැනිදාට පෙර යළිත් තෙල් පිරිපහදු කටයුතු ඇරඹීමට හැකිවනු ඇති බවට විස්වාසය පළ කරනවා.

තෙල් පිරිපහදුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇති නමුත් රටතුළ කිසිදු ඉන්ධන හිගයක් ඇති නොනව බවයි බලශක්ති අමාත්‍යංශය පවසන්නේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here