එකළොස්වනදා ආනන්දනීය කර ගන්න, ‘ආනන්දයි ආනන්ද‘ සමඟ එකතු වෙන්න

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 08 ,(LNW) කොළඹ :

ආනන්ද වික්‍රමගේ වික්‍රමාන්විත රංගන ශිල්පියෙකි. කලාව තුළ පෙළහර පාන පවුලක මූලිකයා ලෙස ආනන්ද වික්‍රමගේ කලාවත්,ජීවිතයත් ආනන්දනීය අත්දැකීමක් කර ගනිමින් සරලවත්,සැහැල්ලුවත්,උපේක්ෂා සහගතවත් ජීවත්වීම ප්‍රගුණ කර ගත් අයෙකි.


ප්‍රේක්ෂක මනසේ සදාතනිකව තැන්පත් විය හැකි භූමිකා නිර්මාණයේ සමත්කම් පාන ආනන්ද වික්‍රමගේ සැබෑ ජීවිතයේ රඟ නොපාන සැබෑ සංවේදී මනුස්සෙකි.ඔහුගේ නිර්මාණ ජීවිතයේ රංග ප්‍රතිභාව සළකුණු කළ රිදී තිරයේ මතක ත්‍රිත්වයක්,ඔහු වෙනුවෙන් නොවැම්ර් 11 දා ජනතාව වෙත තිළිණ කරන්නට සිංහල සංස්කෘතික ආයතනය (සුදර්ශි) කටයුතු යොදා ඇත.


ඔහුට උපහාර පුදමින් ඔහුගේ නිරමාණ ඇසුරේ ගත කරන්නට ලැබෙන එ‘දවස තුළ,සුදර්ශි ශාලාවේදි මිල්ටන් ජයවර්ධන අධ්‍යක්ෂණය කළ,සමාවෙන්න පෙරවරු 10.30 ත්,ඔහුගේම අධ්‍යක්ෂණයක් වන ආයාචනා පස්වරු 2.30 ටත් ප්‍රදර්ශනය කරන්නට නියමිතය.විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ ආනන්ද වික්‍රමගේ රංගන වික්‍රමයන් නැරඹීමේ අවස්ථාව ආනන්ද ලෝලී ප්‍රේක්ෂකයන්ට උදාවීමට නියමිතව ඇත්තේ රාත්‍රී 7.00 ට ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්හැර දමා ඇති ඉඩම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වගා නොකළ ඉඩම්...

වැරදි කළ අයට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදෙනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වර්තමානය වනවිට රට...

NOCSL හරි පීල්ලට…

නිශ්මං රණසිංහ ජුනි 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...