ශ්‍රී ලංකාවෙන් බංගලාදේශයට අතිරේක ලකුණු ප්‍රදානයක් – 17 න් පහළ තෙදින තරගය ජය පැරදුමක් නැහැ

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 09 ,(LNW) කොළඹ :

ශ්‍රී ලංකාව සහ බංගලාදේශ අවුරුදු 17 න් පහළ තෙදින තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.ශ්‍රී ලංකාව පළමු ඉණිමේ රැස් කරන ලද ලකුණු 304 රැක ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වුණ අතර එහිදී ඉංගලාදේශ පළමු ඉණිමට ලකුණු 328 ක් වාර්තා වුණා.එම තත්ත්වයට මුහුණ දෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩිපුරම බලපැමක් ඇති කළේ ලබා දුන් විශාල අතිරේක ලකුණු සංඛ්‍යාවයි.


බංගලාදේශ ඉණිමේ ලකුණු 328 න් ලකුණු 45 ක් ම සටහන් වූයේ අතිරේක ලකුණු හැටියටයි.එයින් කඩුලු රකින්නාට රැක ගැනීමට නොහැකි වීම නිසා (බයිස්) එකතු වූ ලකුණු 22 ක් සටහන් වුණා.තෙචින තරගයක දැකිය නොහැකි ආකාරයට වයිඩ් පන්දු 10 ක් ඊට එක්ව තිබුණා.
බංගලාදේශ ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූ ඇඩ්රිටෝ ගෝස් ලකුණු 87 ක් ලබා ගත් අතර රිඩෝයි හොසේන් ලකුණු 55 ක් ද,රකිබුල් හොසේන් ලකුණු 46 ක් ද රැස් කළා.ඉන් අනතුරුව බංගලාදේශ ලකුණු පූවරුවේ වැඩිම ලකුණු ප්‍රමාණය වූයේ අතිරේක ලකුණු ප්‍රමාණයයි.ශ්‍රී ලංකාව ලකුණු 300 ඉක්මවා රැස් කළ ඉණිමේ දකින්නට ලැබුණේ අතිරේක ලකුණු 20 ක් පමණයි.


ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් ලයිසියම් පාසලේ රසිත් නිම්සර ලකුණු 64 කඩුලු 4 ක් දවා ගන්නට සමත් වුණා.නායක කිත්ම විදානපතිරණ විසින් ලකුණු 51 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.පළමු ඉණිමේ ලබා ගත හැකිව තිබූ වාසිය අහිමි කර ගනිමින් දෙවන ඉණිමට මුහුණ දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් තරග කාලය නිමා වන විට කඩුලු 5 ක් අහිමි කරගෙන ලකුණු 110 ක් රැස් කර ගන්නට සමත් වී තිබුණා.


තරගයේ ලකුණු පූවරුවට → https://bit.ly/41jwJXs

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...