BK polyomavirus තුළින් වකුගඩුවට අත්වන ඉරණම!

Date:

සටහන: පුන්සරා ලියනගේ

දෙසැම්බර් 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):BK polyomavirus යනු ලෝක වැඩිහිටි ජනගහනයෙන් 75% කට වඩා වැඩි අනුපාතයක් ආක්‍රමණය කර ඇති වෛරසයකි. 

සාමාන්‍යයෙන් BK වෛරසය නිරෝගී ප්‍රතිශක්තිකරණ පද්ධතියක් මගින් නිද්‍රාශීලීව තබාගත හැකි නමුත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වුවහොත් එය සක්‍රීය ආසාදනයක් බවට පත්වේ.

වකුගඩු බද්ධ කිරීම් ඇති පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් ඇති කරමින් මෙම වෛරසය බොහෝවිට වර්ධනය වන අතර වකුගඩු වලට මෙන්ම මුත්‍රාශයට හානි පමුණුවයි.

මෙම වෛරසයට එම නම ලැබී ඇත්තේ 1971 දී වකුගඩු බද්ධ කළ රෝගියෙකුගේ මුල් අකුරු වලින් මෙම රෝගී තත්ත්වය ඇති බවට මුලින්ම හඳුනා ගත් පසුවය.

BK polyomavirus නොහොත් “BKPyV” වකුගඩු බද්ධ කිරීම අසාර්ථක වීමට ප්‍රධාන හේතුවකි. 

BKPyV ප්‍රතිකාර සඳහා ඵලදායී ඖෂධ තවමත් නොමැති අතර බර්මින්හැම්හි ඇලබාමා විශ්ව විද්‍යාලයේ පර්යේෂණ මගින් BKPyV පිළිබඳ නව පැතිකඩයන් හෙළි කිරීමට සමත් විය.

මෙහිදී බද්ධ කළ වකුගඩු ආරක්ෂා කිරීමට හැකි ඖෂධ පිළිබඳ ඉලක්කයන් එහිදී ඉදිරිපත් කෙරිණි.

BKPyV වැළැක්වීමේ ක්‍රම වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා, UAB ක්ෂුද්‍රජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂකයන් පිරිසක් එක්ව ප්‍රාථමික වකුගඩු සෛල තුළ BKPyV ආසාදනය පිළිබඳ තනි සෛල විශ්ලේෂණයක් පවා ප්‍රකාශයට පත් කර ඇත. 

ජාන හතක් පමණ ඇති BK polyomavirus නව වෛරසය වසර 50 කට පමණ පෙර සොයාගන්නා ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...

ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් ජාතිකයන් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක් වීමෙන් 71දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයෙන් පිටුවහල් කරන...