පාර්ලිමේන්තු වෙබ් අඩවියෙනුත් ගැළවුණු කථානායකගේ ආචාර්ය පට්ටම ගැන ඇමති නලින්ද කියන කතාව

සටහන – රුවන් නෙළුගොල්ල

කථානායක අශෝක සපුමල් රන්වල මහතාගේ උපාධි සුදුසුකම් සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නය පිළිබඳව ඔහු ඉදිරියේදී කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනු ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“මං හිතන්නෙ කථානායකවරයා ඒ ගැන පැහැදිලි කිරීමක් කරාවි. අපි ඒක ඒ ප්‍රශ්නය ලොකූවට, දණිහෙන් උඩට අරගෙන නෑ. මොකද අපි දන්නවා ඔහු උසස් අධ්‍යාපනය ලබාගත්තේ කොහෙද කියන එක. ඒක කාටවත් රහසක් නෙවෙයි. ඔහුත් එක්ක ඒ ආයතනයේ ඉගෙන ගත්ත අය දන්නවා. ඒ වගේම ඔහු වැඩකරපු ආයතනයෙනුත් ඔහුට ඒ උසස් අධ්‍යාපනයට අවශ්‍ය කරන අවස්ථා හිමිවෙලා තියෙනවා. ඒකත් එක්ක තමයි ඔහු යම් පර්යේෂණ කටයුත්තක් සඳහා ජපානයේ ඒ කටයුතුවල නිරත වෙන්නෙ. මං හිතන්නෙ අවුරුදු 07ක් වගේ ඔහු ඒ කටයුතුවල නිරත වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන ඔහුට ඉතාම හොඳට පැහැදිලි කරන්න පුළුවන්”

ප්‍රශ්නය – වහාම පැහැදිලි කිරීමක් කළ යුතුයි කියලා ඔබ විශ්වාස කරන්නෙ නැද්ද ඒ ගැන ?

“අවශ්‍ය අවස්ථාවේදී ඒක කරන්නම් …”

ප්‍රශ්නය – මෙතැන තියන අනිත් ප්‍රශ්නය අමාත්‍යතුමනි, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඔහුගේ නම සඳහන් වෙන ආකාරය බැලුවාම දින හතකට පෙර අපි බලද්දී ඒකෙ තියෙනවා ඩොක්ටර් අශෝක සපුමල් රන්වල කියලා. හැබැයි අද ගිහිල්ලා බලන කෙනෙකුට ඒ ඩොකටර් කියන කෑල්ල පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් අයින් වෙලා. ඒක එතුමාගේ අනුදැනුම මත වෙච්ච දෙයක්ද, නැත්නම් කාර්ය මණ්ඩලයේ මැදිහත් වීමෙන් වෙච්ච දෙයක්ද, මේ ගැන දැනුවත්භාවයක් තියෙනවද ?

“නෑ, මම මේ වැඩසටහනට සම්බන්ධ වෙනකොට ඒ ගැන දැනුවත්භාවයක නැහැ. කොහොම වුණත් මම හිතනවා ඔහු මේ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් කතා කරන්න පටන් ගත්තේ පාර්ලිමේන්තුවට ආවාට පස්සෙ නොවෙයි. ඊට කලින් ඔහු ඒවා කියලා තියෙනවා. ඒ මත පිහිටලා ඔහුට ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන්කම තියෙනවා. මං දන්නෑ මේ දවස්වල සමාජ මාධ්‍යවල අපි කාගෙ කාගෙත් උපාධි සම්බන්ධයෙන් නිකම් සැකසංකා මතු කරන්න පටන් අරන් තියෙනවා. කමකුත් නෑ ඉතින් මොකුත් නැතිකොට ඕවා හරි යන එක කමක් නෑ ඉතින් ….”

අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...