නොවැම්බරයේ ශ්‍රමික ප්‍රේෂණ අඩු වුනේ ඇයි ?

Date:

මෙම වසරේ පළමු මාස දහයක කාලය ඇතුළත, සමස්තයක් ලෙස, පෙර වසරේ එම කාලයට සාපේක්ෂව ශ්‍රමික ප්‍රේෂණ වල 11.7%ක වර්ධනයක් දැකිය හැකි වුනා. වසරේ සෑම මාසයකදීමද දැකිය හැකි වූයේ පෙර වසරේ අදාළ මාසයට සාපේක්ෂව ශ්‍රමික ප්‍රේෂණ වල යම් වැඩි වීමක් සිදු වී ආකාරයයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2023 පළමු මාස දහය ඇතුළත ඩොලර් මිලියන 4,862ක ශ්‍රමික ප්‍රේෂණ ලැබුණු අතර, 2024 පළමු මාස දහය ඇතුළත මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 5,431 දක්වා ඉහළ ගියා.

අලුත්ම දත්ත අනුව පෙනී යන්නේ නොවැම්බර් මාසයේදී මෙම ප්‍රවණතාවයෙහි යම් වෙනසක් සිදු වී ඇති බවයි. 2023 නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 537.3ක ශ්‍රමික ප්‍රේෂණ රටට ලැබී තිබුණත්, 2024 නොවැම්බර් මාසයේදී ලැබී තිබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 530.1ක් පමණයි. මෙම අඩු වීමට හේතුව කුමක්දැයි පැහැදිලි නැහැ. මෙය තාවකාලික තත්ත්වයක් පමණක්ද යන්න විමසිල්ලෙන් බලා සිටින්නට වෙනවා.

මේ අයුරින් ශ්‍රමික ප්‍රේෂණ අඩු වීමක් දැකිය හැකි වුවත්, සමස්තයක් ලෙස විදේශ විණිමය වෙළඳපොළ සමතුලිතතාවය හොඳ තත්ත්වයක පැවතී ඇති අතර මාසය ඇතුළත මහ බැංකුව විසින් ඩොලර් මිලියන 327ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙනවා. මෙය විශාල ප්‍රමාණයක්. මෙම මැදිහත්වීම හමුවේ පවා මාසය ඇතුළත ඩොලරයක මැදි මිල රුපියල් 2.80කින් පහත වැටී තිබෙනවා. ඇතැම් විට මේ අයුරින් ඩොලරයක මිල සැලකිය යුතු ලෙස පහත වැටීම ශ්‍රමික ප්‍රේෂණ කෙරෙහි අහිතකර ලෙස බලපා තිබෙනවා විය හැකියි.

නොවැම්බර් මාසය අවසානයේදී රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,462 දක්වා ඩොලර් මිලියන 10කින් පහත වැටී තිබෙනවා. මහ බැංකුව විසින් ඩොලර් මිලියන 327ක් වෙළඳපොළෙන් මිල දී ගැනීමෙන් පසුවද සංචිත ප්‍රමාණය වැඩි නොවීමෙන් පෙනෙන්නේ මෙසේ මිල දී ගත් ඩොලර් මහ බැංකුවේ ණය ගෙවීම පිණිස යොදවා ඇති බවයි. මේ වන විටද මහ බැංකුව විසින් වර්ෂාවසාන සංචිත ඉලක්කය ලඟා කරගෙන අවසන් බැවින් මිල දී ගන්නා අමතර ඩොලර් මහ බැංකුවේ ණය ආපසු ගෙවීම සඳහා යෙදවිය හැකියි.

වාහන ආනයන වලට නැවත ඉඩ ලැබෙද්දී විදේශ විණිමය වෙළඳපොළ සමතුලිතතාව වෙනස් වන බව පැහැදිලි කරුණක්. එහෙත් මේ වන විට රටේ විදේශ අංශය ඒ සඳහා මුහුණ දිය හැකි තරමට ස්ථාවරව තිබෙනවා. ඩොලර් ඉල්ලුම ඉහළ යද්දී ඩොලරයක මිල යම් තරමකින් ඉහළ යාමට ඉඩ ඇතත්, එය ශ්‍රමික ප්‍රේෂණ වල පහත වැටීම නැවත යථා තත්ත්වයට පත් වීමටටද හේතු විය හැකියි. ඒ අතර අලුත් ආණ්ඩුවටද, ඔවුන්ගේ පූර්ව සැලසුම් අනුව කෙටි කලකින් ශ්‍රමික ප්‍රේෂණ වැඩි කර ගැනීම සඳහා කටයුතු කිරීමට මෙය හොඳ අවස්ථාවක්.

ශ්‍රමික ප්‍රේෂණ පහත වැටීම තාවකාලික තත්ත්වයක් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇතත්, මේ සංඥාව අවතක්සේරු කර නොසලකා හැරිය යුතු එකක් නෙමෙයි.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය මර්වින් ඇතුළු තිදෙනාට ඇප!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : හිටපු...

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...

මිලියන 202කට අධික කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:රුපියල් මිලියන 202 කට අධික වටිනාකමකින් යුත් කේරළ...