ASP නෙවිල් සිල්වා අත් අඩංගුවට පත්වුණු සිද්ධියේ කෙළවර හිටපු ඉහළම පොලිස් ලොක්කෙකුත් …

Date:

කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂවරයා වූ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ඊයේ (දෙසැම්බර් 09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

ඒ, රුපියල් කෝටි 14ක් පමණ වටිනා මැණික් සහ මෝටර් රථයක් සොරකම් කිරීම සම්බන්ධ පැමිණිල්ලකදී සම්මත ක්‍රියාපටිපාටියට පිටින් යමින් පැමිණිලිකාර පාර්ශ්වයට වාසි සහගත වන පරිදි විමර්ශන සිදුකිරීම සහ නීතියට පිටින් බලහත්කාරයෙන් දේපළ අත්පත් කර ගැනීමට ආධාර කිරීම යන චෝදනා සම්බන්ධයෙනි.

2023 අගෝස්තු මාසයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකරු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු හරහා CCD යට පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන්. මෙවැනි ඉහළ මූල්‍ය වටිනාමක් සහිත සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට CCD යට නීතිමය බලයක් නොමැති අතර පැමිණිල්ලක් ලැබුණු විට එය වංචා විමර්ශන ඒකකයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ යුතුව ඇත.

එසේ තිබියදී CCD ය මෙම පැමිණිල්ල ලියාපදිංචි කරගෙන විමර්ශන සිදුකර ඇත්තේ හිටපු ඉහළම පොලිස් නිලධාරියෙකුගේ වුවමනාව පරිදි යැයි දැනටමත් තොරතුරු අනාවරණය වී ඇති අතර ඉදිරියේදී එකී ඉහළම නිලධාරියාත් නීතිය හමුවට කැඳවීමට කටයුතු කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අත් අඩංගුවට ගෙන තිබුණේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී වන අතර එහිදී ඔහුට වහාම නිවසට පණිවිඩයක් යවා සිවිල් ඇඳුම් ගෙන්වාගෙන පොලිස් නිල ඇඳුම ගලවන ලෙස නියම කර තිබුණු බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...