ඊශ්‍රායලය විසින් සිරියාවට ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායල යුද ගුවන් යානා සිරියාවේ අගනගරය වන ඩැමස්කස් අගනුවර ඇතුළු රට පුරා ගුවන් ප්‍රහාර 100 කට වඩා වැඩි ප්‍රමාණයක් දියත්කර ඇති බව එක්සත් රාජධානිය පදනම් කරගත් මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂණාගාරය (SOHR) ඇතුළු එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊශ්‍රායලයේ නවතම පියවරයන් පැමිණෙන්නේ සිරියානු කැරලිකාර සටන්කාමීන් දමස්කස් අගනුවර අල්ලාගෙන බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමෙන් පසුවය. ප්‍රහාරයට ලක්වූ ස්ථාන අතර රසායනික අවි නිෂ්පාදනයට සම්බන්ධ බවට සැක කෙරෙන පර්යේෂණ මධ්‍යස්ථානයක් ද වාර්තා වන අතර ඊශ්‍රායලය පවසන්නේ අසාද් පාලනය පෙරලා දැමීමෙන් පසු අවි “අන්තවාදීන් අතට පත්වීම” නැවැත්වීමට ක්‍රියා කරන බවයි.

මේවන විට සිරියාව ඉස්ලාමීය විරුද්ධවාදී කණ්ඩායමක් වන Hayat Tahrir al-Sham (HTS) විසින් මෙහෙයවන ලද හමුදා, විසින් පාලන කරන අතර එරට හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද් දේශපාලන රැකවරණය පිණිස රුසියාවට පලා ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...