*
Thursday, December 12, 2024
spot_img

Latest Posts

සිලින්ඩරේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිලුත් නොදැනම නමක් යැවෙයි ?

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට (ගෑස් සිලින්ඩරය) හිමි අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවීමේ සූදානමක් පවතින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මෙය එම පක්ෂයට නායකත්වය දෙන රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමකින් තොරව සිදුවන්නක් බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

නව ප්‍රජානත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා අපේක්ෂකයින් නම් කිරීමේ නීතිමය බලය ඇත්තේ එම පක්ෂයේ ලේකම් ෂ්‍යාමිලා පෙරේරා මහත්මියට ය.

එම පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිවූ අතර එයින් එකක් සඳහා රවී කරුණානායක මහතා පත්ව සිටී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan