නාමල් කරුණාරත්න ටයි කෝට් ඇඳන් ඇමති පුටුවට ආවාට පස්සේ ගොවි වන්දිය ලක්ෂයෙන් හතළිස් දාහට බැහැලා ! – බන්දුලාල්

Date:

නාමල් කරුණාරත්න මහතා එදා විපක්ෂයේ සිටියදී ගොවීන්ට වගා හානි වන්දිය අක්කරයකට අවම වශයෙන් රුපියල් ලක්ෂයක් අනිවාර්යයෙන්ම ගෙවිය යුතු බව පැවසුවත් අද ඔහුම කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය ඇමතිවරයා බවට පත්වූ පසුව ඒ මුදල රුපියල් 40,000 ක් දක්වා පල්ලම් බස්වා ඇති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.

“අපි අහලා බලමු එදා නාමල් කරුණාරත්න ගොවි පුතා, ගොවි නායකයා ජනතාවට විපක්ෂයේ ඉඳන් කියපු දේයි දැන් ආණ්ඩුවේ ඉඳන් කියන දේයි. එදා – අක්කරයකට අවම රුපියල් ලක්ෂයකට එහා වන්දියක් අනිවාර්යයෙන්ම ආණ්ඩුව ගෙවන්න ඕනා. අද – අක්කරයකට තියෙන්නේ පූර්ණ වන්දිය රුපියල් 40,000 යි. රෙද්ද බැනියම ඇඳගෙන ගොවිබිමේ ඉන්න කාලෙ රුපියල් ලක්ෂයක් ගෙවිය යුතුමයි කියනවා, ටයි කෝට් ඇඳගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඇමති පුටුවේ වාඩිවුණාට පස්සේ රුපියල් 40,000 ට ඒක අඩුවෙලා තියෙනවා. ඒක නිසා අපි කියනවා මේක බොරුව මත ගොඩනැඟුණු ආණ්ඩුවක්. බොරුව කොච්චරද කියනවා නම් ආණ්ඩුවේ ඉහළම පුටුවක ඉන්න පුද්ගලයෙක් තමන්ගෙ උපාධි සහතිකයටත් බොරු කරලා තියෙනවා කියලා අද එහෙන් මෙහෙන් එළියට ඇවිල්ලා තියෙනවා”

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංගලාදේශය පරදා ශ්‍රී ලංකාව අවසාන පූර්ව වටයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW: ආසියානු නැගී එන ක්‍රිකට්...

කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය නොසලකා හරින ලද අර්බුදයක් බව, ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව පුරා...

බෙංගාල බොක්කේ නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ ලකුණු – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග...

විෂ මත්ද්‍රව්‍යට එරෙහිව ජනපති අනුරගේ දැවැන්ත රැලිය අද තංගල්ලේදී

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍යට එරෙහි "රටම එකට" ජාතික...