Online මාර්ගයෙන් දුම්රිය ආසන වෙන් කරන ප්‍රවේශ පත්‍ර වංචාවක් ගැන CIDට පැමිණිල්ලක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ (LNW):

කිසියම් කණ්ඩායමක් විසින් , Online ඔස්සේ දුම්රිය ආසන වෙන් කරන ප්‍රවේශ පත්‍ර බහුතරයක් මිලදී ගෙන පසුව ඒවා දෙස් විදෙස් සංචාරකයින්ට වැඩි මුදලට විකුණන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

ඒ අනුව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ පවසන්නේ , දුරගමන් සේවා දුම්රියවල ආසන වෙන් කරන ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කළ බවයි.

මේ තුළින් සත්‍ය වශයෙන්ම සංචාරයේ යෙදෙන්නන්ට ඉන් දැඩි  පීඩාවක් සිදුවන බවත් , එම ක්‍රියාවේ නිරත පුද්ගලයින්ගේ දුරකතන අංක ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව, නියෝජ්‍ය අමාත්‍යරයා පෙන්වා දී ඇත.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව අදාළ වංචාවේ නිරත වූ සියලු පුද්ගලයින් කඩිනමින් නීතියේ රැහැණට යොමු කර ගත හැකි බවත් ,වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර පරීක්ෂාව දැඩි කරන ලෙස ද උපදෙස් දී ඇති බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...