Yoon Suk Yeol ධුරයෙන් පහකරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol, දෝෂාභියෝගයකින් ධුරයෙන් පහකර තිබේ.

ජනපති ඉවත් කිරීමේ යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව, 204 ක් වන අතර, දකුණු කොරියානු ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ආ දෙවැනි දෝෂාභියෝගය මෙය වේ.

පසුගිය සතියේ ද, ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවත්, පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නොමැතිවීමෙන් ඊට අදාළ ඡන්ද විමසීම නොපැවැත්විණි, ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ, පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව යුද නීතිය බලාත්මක කිරීම හේතුවෙනි.

ජනාධිපතිවරයා ධුරයෙන් පහ කිරීමත් සමග එරට ජනතාව වීදි බැස ප්‍රීති ඝෝෂා පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.