නාමල්ගේ යෝජනාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ (LNW):

කථානායක අශෝක රංවල මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි, පැවසෙන ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සමාජ විරෝධය හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව තවදුරටත් චෝදනා එල්ල වන ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන් තමන් සමාජගත කර ඇති අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත් වන්නේ නම්, වහාම ඉල්ලා අස්විය යුතු බවද ඔහු එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.

තවදුරටත් නාමල් රාජපක්ෂ මහතා සිය එක්ස් පණිවිඩයෙන් පෙන්වා දී තිබෙන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුපිරිසිදු පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යාමේ දර්ශනයට විරුද්ධව එම පක්ෂයේ ඇතැමුන් තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ජනතාව නොමග යවා තිබීම අතිශය කණගාටුදායක බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...