අමාත්‍යාංශ 05කට වැඩබලන අමාත්‍යවරු!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ (LNW):

අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබෙන බව වාර්තා වේ.

ඒ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙනි.

ඒ අනුව, ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශය 03 සඳහා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා කම්කරු අමාත්‍යාංශය සඳහා මෙලෙස වැඩ බලන අමාත්‍යවරු පත් කර ඇත.

ඒ අනුව ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාද, ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාද, මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාද පත් කර තිබෙන බව පැවසේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ද, කම්කරු වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ද පත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්ත්‍රී පුරුෂභාවය හා දේශගුණ විපර්යාසවලදී යුක්තිය ජාත්‍යන්තර සමුළුව ඇමති පන්නිලගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:නවෝත්පාදන සමාජ සංවර්ධනය උදෙසා පදනම (FISD) මගින් සංවිධානය...

ඉහළම දක්ෂතා සමඟ පරාජය වීමේ හේතුව….?

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ මාල...

අත්අඩංගුවට ගත් UDA හිටපු ලොක්කෝ දෙන්නා ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට...