තවත් නව සභාපතිවරයෙක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ (LNW):

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස, බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 37 ක අත්දැකීම් ඇති බැංකුකරුවෙක් වන ප්‍රියන්ත පීරිස් මහතා පත්කර තිබෙන බව වාර්තා වේ.

1986 වසරේ දී බැංකුකරණයට පිවිසි, මූල්‍යකරණය හා බැංකුකරණය පිළිබඳව විශේෂඥ දැනුමක් සහිත ප්‍රියන්ත පීරිස් මහතා ශ්‍රී ලංකාව, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය (ඩුබායි) යන රටවල පුද්ගලික බැංකුකරුවෙක් ලෙස වසර 37ක විශිෂ්ට සේවා කාලයකට හිමිකම් කියන අතර, බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ Missouri අන්තර්ජාතික විශ්වවිද්‍යාලයෙන් (The International University, Missouri, USA ) ව්‍යාපාර පරිපාලනය පිළිබඳව තම MBA උපාධිය හිමිකරගෙන තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ ලකුණු – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග...

විෂ මත්ද්‍රව්‍යට එරෙහිව ජනපති අනුරගේ දැවැන්ත රැලිය අද තංගල්ලේදී

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍යට එරෙහි "රටම එකට" ජාතික...

හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු – නීතිපති දැනුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල 2023 වසරේදී ලන්ඩනයේ සිදුකළ සංචාරයක් සඳහා...