තවත් නව සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ (LNW):

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස, බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 37 ක අත්දැකීම් ඇති බැංකුකරුවෙක් වන ප්‍රියන්ත පීරිස් මහතා පත්කර තිබෙන බව වාර්තා වේ.

1986 වසරේ දී බැංකුකරණයට පිවිසි, මූල්‍යකරණය හා බැංකුකරණය පිළිබඳව විශේෂඥ දැනුමක් සහිත ප්‍රියන්ත පීරිස් මහතා ශ්‍රී ලංකාව, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය (ඩුබායි) යන රටවල පුද්ගලික බැංකුකරුවෙක් ලෙස වසර 37ක විශිෂ්ට සේවා කාලයකට හිමිකම් කියන අතර, බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ Missouri අන්තර්ජාතික විශ්වවිද්‍යාලයෙන් (The International University, Missouri, USA ) ව්‍යාපාර පරිපාලනය පිළිබඳව තම MBA උපාධිය හිමිකරගෙන තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...