වසර 10කට පෙර මගින් 227ක් සමඟ අතුරුදන්වූ MH370 මැලේසියන් එයාර්ලයින්ස් සෙවීම යළි අරඹයි

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මඟින් 227ක් හා කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකුද සහිතව මිට වසර 10කට පෙර අතුරුදන්වූ MH370 මැලේසියන් එයාර්ලයින්ස් ගුවන් යානයේ සුන්බුන් සෙවීම නැවත ආරම්භ කිරීමට මැලේසියාවේ රජය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇති බව එරට ප්‍රවාහන අමාත්‍යවරයා නිවේදනය කර තිබේ.

ලොව විශාලතම ගුවන් අභිරහස් වලින් එකක් ලෙස සැලකෙන බෝයිං 777 වර්ගයේ MH370 ගුවන් යානය 2014 මාර්තු 8 වන දින ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා ගමන් කරමින් සිටියදී අතුරුදන් විය.

කරන ලද විමර්ශන වලින් අනාවරණය වුයේ මෙම ගුවන් යානය පියාසර කර පැයක පමණ කාලයකින් අනතුරුව එහි සියලුම සන්නිවේදන කටයුතු බිඳ වැටුණු බවත්, අතුරුදන් වූ ගුවන් යානය මැලේසියාව හරහා ආපසු හැරී, සුමාත්‍රා හි උතුරු කෙළවර දෙසට ගමන් කර ඇති බව හමුදා රේඩාර් මගින් අනාවරණය වූ බවයි.

අතුරුදහන් වීමෙන් පසුව සිදු වූ සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමට රටවල් 26 ක් පමණ සම්බන්ධ වූ නමුත් කිසිවක් සොයා ගැනීමට නොහැකි විය.

සති කිහිපයකට පසු, මැලේසියානු රජය නිවේදනය කළේ MH370 ඉන්ධන අවසන් වන තෙක් පියාසර කර ඇති අතර, බීජිං සිට කිලෝමීටර් දහස් ගණනක් දකුණු ඉන්දීය සාගරයේ ගැඹුරින් එහි ගමන අවසන් කළ බවයි. කෙසේ නමුත් මැලේසියාව 2018 දී දකුණු ඉන්දියන් සාගරයේ සෙවීම සඳහා Ocean Infinity සම්බන්ධ කර ගත් අතර, යානය සොයා ගන්නේ නම් ඩොලර් මිලියන 70 ක් දක්වා ගෙවීමට ඉදිරිපත් වූ නමුත් එය උත්සාහ දෙකකින් අසාර්ථක විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...